මාස හයට කළ වෙනස දකින්න තියෙනවා – හතුරුසිංහ කියයි

Sports Uncategorized

ජීවිතය මහ සයුරෙ ගමන් කරන නෞකාවක් වගෙයි.ඒ නෞකාවට කුණාටු,සුළි සුළං බාධක එමටයි.ඒ වගේම නිදහසේ ඔහේ සතුටින් සයුරේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා. සියලු බාධක ජයගෙන ගමනාන්තයට ගමන් කරන නෞකාව විශිෂ්ටයි.ඉතිං අන්න ඒ විදියට සයුරු රළත් එක්ක පොර බදිමින් ගමන් කරන නෞකාවක් තමයි චතුර දිසානායක කියන්නේ.චතුර මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නෙ ගායකයෙක් විදියට.2016 Dream Star තරගාවලියේ අවසන් 56 දෙනා අතරට පැමිණි චතුර එම තරගාවලියේ සිහින කිරුළ නොලැබුණත් අදවන විට තමන්ගේ හඩ පෞරුෂය තුලින් ප්‍රේක්ෂකයන් අතර මතක සටහනක් බවට පත් වෙලා තියෙනවා.අම්මයි,තාත්තයි,අක්කයි එක්ක චතුරගෙ පදිංචිය වරකාපොළ.කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් අකුරුකරපු ඔහු පුංචි කාලේ ඉදන්ම මියුසික් වලට තිබුණු කැමැත්තත්,සහජ දක්ෂතාවයත් නිසාම මියුසික් ඉගෙනගන්න යොමු වූ බව දැනගන්නට ලැබුණා.මේ වනවිට චතුර ගායන හා වාදන අංශයන්ගෙන් විශාරද විභාගයත් සමත් වෙලාලු ඉන්නෙ.

මේ වනවිට චතුරගෙ හඩින් ගැයෙන් විශාල ගීත ප්‍රමාණයක් ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරෙන් වැළදගෙන තියෙනවා.ඒ අතරින් “පාවෙන සුළගේ”,”ආදරෙන් අපි ළං වෙලා”, “හිතට හිත හිමි වෙලා”,”මං මත් කලාවේ”,”සිහිනය සේ” යන ගීත බොහොම ජනප්‍රියයිලු.ඒ වගේම ඔහු ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් රැසකටත් ගීත නිර්මාණ හා තනු නිර්මාණ කර ඇති බව මතක් කලා.ඒ අතරින් කණිෂ්ක ප්‍රසාද්ගේ(චබී)” හින හෙන්න ළග ඉන්න” ගීතයත්,නිලන්ති ඩයස්ගෙස් “සිහිල් සරින්” ගීතයත්,සසංක රාජසේකරගේ “හද මිහිරෙන්” ගීතයත් ඉතාම ජනප්‍රියයි. ගායකයෙකු වගේම ඔහු අදවනවිටනම් රංගන ශිල්පියෙකු ලෙසත් නමක් ගොඩනගාගෙන තියෙනවා.tv දෙරණෙහි විකාශය වන “දෙවෙනි ඉනිම”ටෙලි නාට්‍යයේ ‘ජිලා’ ගේ චරිතයෙන් ඔබේ ආලින්දයට එන්නෙත් චතුරම තමයි.

චතුරගෙ මේ දක්වා වූ ගමනෙදි ඔහුට මුහුණ දෙන්න වුණු බාධකනම් එමටයිලු.නමුත් ඒ සියලු බාධක ජයගන්නට ශක්තියක් වෙමින් ඔහුගෙ පසුපස සිටි ආදරණීය පිරිස ඔහු ඔහුගේම වචනයෙන් මතක් කලේ මෙන්න මෙහෙමයි. “මුලින්ම මං මගේ තාත්තටයි,අම්මටයි, අක්කටයි, මගේ සංගීත ගුරුවරයා වන සුජිත් ධර්මවංශ සර්ටයි ස්තූතිවන්ත වෙනවා චතුර දිසානායක කියලා චරිතයක් නිර්මාණය කලාට.ඊට පස්සේ තරිඳු බණ්ඩාර,නිරුක්ෂාන් ඒකනායක,v fm එකේ චාන්දනී අක්කා,වෙනුර කාවින්ද මල්ලියා,කවි නංගියා,විලානි අක්කා ඇතුළුව මේ ගමනෙදි ශක්තියක් වුණු හැමදෙනාටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා”

චතුරගෙ අනාගත බලාපොරොත්තුව වුණේ ගායනය, රංගනය,ගී තනු නිර්මාණය කියන ක්ෂේත්‍රයන් තුළින් පුලුවන් උපරිම දුර යන්න.ඒ වගේම නිරුක්ෂාන් ඒකනායකත්, නිපුන් ප්‍රශාන්තත් සමගින් ඔහු දැනට පටන් අරගෙන ඉන්න “අපේ වීඩියෝ ප්‍රොඩක්ෂන්”තුළින් ගුණාත්මක බවින් ඉහල නව නිර්මාණ රැසක්ම ප්‍රේක්ෂකයන්ට තෑගි කරන්නට බලාපොරොත්තුවෙන් සිටින බවත් මතක්කලා.ඉදිරියේදි කලා ක්ෂේත්‍රයට එන්න ඉන්න නවකයන්ට ඔහු කිව්වේ දවසින් මතුවෙන කෙනෙක් වෙනවට වඩා කට්ට කාලා අත්දැකීම් එක්ක පියවරෙන් පියවර ශක්තිමත්ව ගමනක් යා යුතු බවත් කරන මොන දේ වුණත් නිවරදි ආරම්භයක් ඇතිව කළයුතු බවත් තමයි.

ඔහු අවසාන වශයෙන් කිව්වේ මේ දිනවලදි විදෙස් සංචාරක ප්‍රසංග කිහිපයකටත්,ලංකාවේ නන්දෙසින් ආරාධනා ලැබෙන ප්‍රසංග සදහා සහභාගී වෙමින් කාලය ගෙවන බව.ඉතිං එහෙනම් චතුරගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා LNR අපිත් සුභ පතනවා.ඔයාලටත් ගීතනු නිර්මාණයන්ට හා ප්‍රසංග සදහා චතුරව contact කරගන්න පුලුවන් .මෙන්න නොම්බරේ 071 252 1643

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook Auto Publish Powered By : XYZScripts.com
Check Also
ශ්‍රී ලංකා පාපන්දුවත් – නිරූපණයත් අතර දිලෙන ප්‍රවීනා
"කමෝන් ප්‍රවීනා, තව ගෝල් එකක්..!" වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවති කාන්තා පුහුණු පාපන්දු තරගයක් නැරඹු ...