ජනපති මෛත්‍රිගේ උදව්වෙන් 2020 දක්වා ආණ්ඩුව ගෙනියනවා

Politics

වත්මන් ජාතික ආණ්ඩුව 2020 වසර දක්වා බලයේ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කිරීම සඳහා ක්‍රියාකළ දේශපාලන පක්‍ෂ බොහෝමයක්ම එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුව තුළද එම පක්‍ෂ එක්සත් ජාතික පෙරමුණ සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේද සහයෝගය ඇතිව වත්මන් ජාතික ආණ්ඩුව 2020 වසර දක්වා පවත්වාගෙන යන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook Auto Publish Powered By : XYZScripts.com
Check Also
හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී
දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබා තර්ජනය කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු ...